වසීම් තාජුඩීන්, යසාරා අබේනායක, වගේම රාජපක්ෂ පවුලේ සමාජිකයින්ගේ නම් එක්ක මේ දවස්වල විවිධ කතා මැවෙනවා. ඒ ගැන වෙබ් අඩවි, පුවත්පත් වලින් විතරක් නෙවෙයි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වෙලා තියෙනවා. මොකද පසුගිය දිනක රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට ඔප්පු වුණු නිසා.
කොහොම වුනත් වසීම්ගේ මරණය හේතුව පෙම් පටලැවිල්ලක් කියලා කටකතා පැතිරුණත් ඒකේ ඇත්ත නැත්ත ගැන තාමත් හෙළිවෙලා නෑ, තාජුඩීන්ගේ සිද්ධියේදී කියැවුණු නමක් තමයි යසාරා කියන්නේ. ඇය ළඟදි දවස විවාහ ගිවිස ගත්තා. ඒ ෆාසිල් කියන රගර් ක්‍රීඩකයා එක්ක. ෆාසිල් තාජුඩීන්ගෙ හොඳම යාළුවෙක්. ඒ වගේම යසාරා කියන්නේ යෝෂිත රාපක්ෂගේ හිටපු පෙම්වතිය.
මේ සම්බන්ධතාත් එක්ක යසාරට පහුගිය කාලේ කටකතා ගොඩක් හැදුණා. ඒ ගැන ඇය ෆේස්බුක් එකේ සටහනක් දාලත් කීවා. කොහොම වුනත් ඇය මේ වෙනකොට පුවත්පතකට තාජුඩීන් ගැන, හිටපු පෙම්වතා යෝෂිත ගැන වගේම සැමියා වුණු ෆාසිල් ගැනත් කියලා තියෙනවා.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වුණු ඇය කියන විදියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතා යෝෂිත එක්ක පෙම් සබඳතාවක් වසර 4ක් පුරාවට තිබිලා තියෙනවා. ඒ වගේම දෙන්නා විවාහ වෙන්නත් ඔක්කොම සූදානම් කරලා තිබ්බා කියලා තමයි යසාරා කියන්නේ. කොහොම වුනත් ආදරවන්තයෝ ගොඩ දෙනෙකුට එන ප්‍රශ්නයක් යෝෂිත - යසාරා මැද්දටත් ඇවිත්. ඒ කේන්දර නොගැලපීම. ඒ නිසා දෙන්නට වෙන්වෙන්න සිද්ධවෙලා.
පස්සේ තමයි යසාරට ෆාසිල්ව මුණගැහිලා තියෙන්නේ. ඒ ගැන මුලින්ම යසාරා කියලා තියෙන්නෙත් යෝෂිතටලු. ඔහුත් කියලා තියෙන්නේ ෆාසිල් හොඳ කෙනෙක්, කතා කරලා බලන්න කියලා. පස්සේ අවුරුද්දක් විතර ආශ්‍රය කරලා තමයිලු දෙන්නා ළඟදි විවාහ ගිවිස ගත්තේ.
කොහොම වුනත් යසාරා රගර් ක්‍රීඩකයෝ පස්සෙම යනවා කියලා කටකතා හැදුනත් ඇයනම් කියන්නේ තමන් ඒ විදියට සම්බන්ධතා පැවැත්වුවේ යෝෂිතයි මරීජයි එක්ක විතරයි කියලා. තාජුඩීන් කියන කෙනා ගැන යසාරා දන්නේ නැතිලු. ඔහුව දැකලාවත් හමුවෙලාවත් නෑ කියලා තමයි යසාරා කියන්නේ. CID එකෙන් පවා මේ ගැන යසාරාගෙන් ඇහුවම කීවෙත් ඔය ටිකමලු.
කොහොම වුනත් යසාරා කියන්නේ තාජුඩීන් එක්ක තමන්ගේ සම්බන්ධයක් තිබ්බා කියන කටකතාව අන්තර්ජාලයේ පැතිරුණු බොරුවක් කියලා. මේ බොරුව නිසා වුණු ප්‍රශ්න ගැන යසාරා තාජුඩීන්ගේ පවුලේ අය එක්කත් කතා කරලා. ඔවුන් කියලා තියෙන්නේ ‘‘අපි දන්නවා ඔයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලායි‘‘ ඒ වගේම යසාරා කියන්නේ මේ වෙනකම්ම තමන් තාජුඩීන් එක්ක එකට ඉන්න ෆොටෝ එකක්වත් නෑ කියලයි. තියෙන ඒවා ඔක්කොම බොරු ඒවාලු. මේ බොරු කතාව පැතිරෙන්න ගත්තේ 2012 ඉඳන් කියලා තමයි යසාරා කියන්නේ.
යෝෂිත, තාජුඩීන් වගේම ෆාසිල් රගර් ක්‍රීඩකයින් නිසා ඔවුන් එකිනෙකා අඳුරනවා. ඒත් යෝෂිතට වඩා, යසාරා විවාහ වුණු ෆාසිල් තාජුඩීන් එක්ක ළඟින්ම ඇසුරු කලා කියලා තමයි යසාරා කියන්නේ. හැදුණු කටකතා එක්ක අලුත් පවුල් ජීවිතය ගෙනියන්න සැමියා ගොඩක් උදව් කරනවා කියලත් යසාරා කියනවා. මොකද ෆාසිල් දන්නවලු ඔය කියන දේවල් මොකුත් සිද්ධ වුණේ නෑ කියලා.